ශ්‍රී ලංකාවේ සෙල්ලිපි/අභිලේඛන දත්ත සමුදායට කෙටි හැඳින්වීමක්


මෙම අභිලේඛන දත්ත සමුදාය දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව හදාරන සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියළුම දෙනාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමකි.

ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත සමුදායක් අන්තර්ජාලය වෙත එක් කිරීමෙහි මූල බීජය archaeology.lk කණ්ඩායමට 2009 වර්ෂයේ දී ඇතිවූ අදහසකි. නමුත් එම වර්ෂයේ දී ම රාජකීය ආසියාතික සංගමය මඟින් ද ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳව මේ හා සමාන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හේතුවෙන් අප ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට අපේක්ෂා නොකළෙමු.

එහෙත් වසර කිහිපයකට පසුව රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ දත්ත සමුදාය අන්තර්ජාලයෙන් ඉවත් විය. එතුළින් ඇති වූ හිඩැස පිරවීමට archaeology.lk කණ්ඩායමෙ හි ශාස්ත්‍රීය සේවාවන් මෙහෙයවනු ලබන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳ දත්ත සමුදායක් අන්තර්ජාලය වෙත මෙලෙස එක් කරයි.

ඉංජිනේරු අනුරාධ පියදාස
කණ්ඩායම් නායක
ව්‍යාපෘති කළමනාකරු / තොරතුරු තාක්ෂණ විශේෂඥ

පුරාවිද්‍යාඥ චන්දිම අඹන්වල
උපදේශක / ප්‍රධාන සම්පත්දායක

සිතුමි බොතේජු
පර්යේෂණ සහකාර / තොරතුරු සම්පාදක

සිතානි ජයතිස්ස
පර්යේෂණ සහකාර / විවිධ කටයුතු

කලාංගි රොඩ්‍රිගු
පර්යේෂණ සහකාර / පරිවර්තන

මෙම දත්ත සමුදාය සැකසීමට අවශ්‍ය වූ තොරතුරු ලබා ගැනීම සඳහා අප ආයතනය වෙත අවසර ලබාදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකයන් ඇතුළු එහි සමස්ත කාර්ය මණ්ඩලය වෙත අපගේ කෘතවේදී ස්තූතිය මෙතුළින් පුදකර සිටිමු.

එසේම අනාදිමත් කාලයක් පුරා විවිධ දුෂ්කරතා මධ්‍යයේ අභිලේඛන පිළිබඳව තොරතුරු එක්රැස් කර වාර්තාගත කරමින් එම තොරතුරු ආරක්ෂා කරගැනීම උදෙසා කැපවූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ඇතුළු අප දන්නා නොදන්නා සියළුම පිරිස වෙත අනාගත පරපුර උදෙසා සිදුකරන ලද මහඟු කාර්යභාරය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පිරිනමමු..

ශ්‍රී ලංකා අභිලේඛන

මෙම ව්‍යාපෘතිය සඳහා ඔබට දායක විය හැක්කේ කෙසේ ද?


මෙම ව්‍යාපෘතිය සඳහා ඔබට දායක විය හැකි ආකාර කිහිපයකි. ව්‍යාපෘතිය පවත්වාගෙන යාම උදෙසා මුල්‍යමය වශයෙන් දායකත්වය ලබා දෙමින් අප හා එක්වීමට ඔබට අවස්ථාව ඇත. එසේම අභිලේඛන වල හෝ ඒවා පිහිටි ස්ථානයන්හි ඡායාරූප අප වෙත ලබාදීමෙන්, අභිලේඛන පිළිබඳව තොරතුරු සැපයීමෙන්, අභිලේඛන පිහිටි ස්ථානයන්හි GPS ඛණ්ඩාංක ලබාදීමෙන් සහ විශේෂයෙන් ම අප විසින් ඇතුළත් කර ඇති තොරතුරු වල නිවැරදිභාවය පරීක්ෂා කර සහයෝගය දැක්වීම යනාදී වූ ක්‍රම හරහා ඔබට ද මේ සඳහා සක්‍රීය දායකත්වය ලබාදිය හැකි වෙයි.

 

පරිත්‍යාග

මුල්‍යයම දායකත්වය ලබා දීම


ඡායාරුප

අභිලේඛන හා ස්ථාන වල ඡායාරුප ලබා දීම


 
මහාචාර්ය සෙනරත් පරණවිතාන

ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳ

යුග මෙහෙවර

ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳව කතා කිරීමේ දී කිසිඳු දිනෙක අමතක කළ නොහැකි චරිතයක් වශයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සේවාව සදා අනුස්මරණීය වෙයි. ශ්‍රී ලංකාවේ මූල බ්‍රාහ්මී සෙල්ලිපි කියවා පිටපත් කිරීම හා සීගිරි කැටපත් පවුර මත ලියැවුණු කුරුටු ගී 648 ක් කියවා පිටපත් කිරීම ඔහු විසින් අභිලේඛන අධ්‍යයනය උදෙසා සිදුකරන ලද සුවිශේෂී ම කාර්යයන් ය.