ශ්‍රී ලංකාවේ සිරකරුවකු වශයෙන් නුවර යුගයේ දී මෙරට වාසය කළ රොබට් නොක්ස් ගඩලාදෙණිය ශිලාලේඛනය පිළිබඳව ඔහුගේ ග්‍රන්ථය තුළ කරුණු සඳහන් කරන ලද අවස්ථාවේ පටන් මෑත ඉතිහාසය තුළ විවිධ පුද්ගලයින් මෙරට අභිලේඛන පිළිබඳව අධ්‍යයනයන් සිදුකර ඇත.

මෙරට පුරාවිද්‍යාව වෙත අග්‍රගන්‍ය සේවාවක් ඉටු කරන ලද එච්.සී.පී.බෙල් මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට පත් වූයේ ආර්.අයර්ටන් මහතා වෙයි. වසර දෙකක කෙටි ධූර කාලයක දී ඔහුගේ හදිසි මරණය සිදුවූ බැවින් හිස් වූ තනතුර වෙත ඒ.එම්.හොකාර්ට් පත්විය. එතෙක් අපිළිවෙලට තිබුනායැයි ඒ.එම්.හොකාර්ට් විසින් සඳහන් කරන සෙල්ලිපි පිටපත් වල විස්තර ඔහුගේ කාලයේ දී නියමිත පරිදි අංකනය කරමින් ලේඛනගත කර ඇත. 1923 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලාලේඛන සහයක තනතුර සඳහා සෙනරත් පරණවිතානයන් බඳවා ගැනීම ඒ.එම්.හොකාර්ට්ගේ සේවා කාලය තුළ සිදුවූ සුවිශේෂී ම කටයුත්ත වෙයි. එසේම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව වෙත පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ වසර තුනක කාලසීමාවක් පුරාවට කේ.වී.සුබ්‍රමන්‍යඅය්යර් නම් ඉන්දියාවේ විශිෂ්ට අභිලෙඛනඥයෙකු යටතේ පුහුණුව ලැබීමට ද අවස්ථාව හිමි ව තිබෙයි. ඔහු යටතේ අභිලේඛන සහ නාණක විද්‍යාව පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට පරණවිතානයන්ට හැකිවිය.

මෙම කාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලංකා ශිලාලේඛන සංග්‍රහය නමින් ග්‍රන්ථ මාලාවක් ප්‍රකාශයට පත් කරමින් සිටි අවධිය වෙයි. 1928 වර්ෂයේ දී පරණවිතාන මහතා මෙහි තෙවන කාණ්ඩය සැකසීම ආරම්භ කර ඇති අතර 1933 වසරේ දී එය මුද්‍රණය කිරීමට ඔහුට හැකියාව ලැබිණි.

1932 වසරේ මාර්තු 31 වැනි දින සෙනරත් පරණවිතාන මහතා වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කෙටි කාලයක් සඳහා පත්විය. 1935 වසරේ ඔක්තෝම්බර් 08 වැනි දින තෙක් ඔහු එම ධූරයෙහි කටයුතු කළ අතර 1933 වසරේ දී ලංකා විද්‍යා සඟරාවට ශිලාලිපි සාරාංශය යටතේ ශිලාලිපි 417 ක තොරතුරු පරණවිතානයන් විසින් ඉදිරිපත් කරන ලදී.

1940 වසරේ ඔක්තෝම්බර් මස පළමුවැනි දින සෙනරත් පරණවිතානයන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස පත්වීම මෙරට පුරාවිද්‍යා ගමන්මඟ මුළුමනින් ම වෙනස් කිරීමට හේතු විය. ඔහු මෙරට පළමුවන ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා විය. ඔහු මෙලෙස ධූරයෙහි පිහිටුවනු ලැබූ කාලසීමාව ශ්‍රී ලාංකිකයින් තුළ නිදහස පිළිබඳ චින්තනය මාතු වෙමින් පැවති කාලසීමාව වෙයි. මේ හේතුව මත පරණවිතාන මහතා වෙත ඉහල ජනතා සහයෝගයක් හිමිවූ බව සඳහන් වෙයි. පරණවිතාන මහතා නිරතුරුව ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත් සහ සඟරා වෙත ලිපි ඉදිරිපත් කරන ලද අතර ගුවන්විදුලි සාකච්ඡා ඔස්සේ ජනතාව තුළ පුරාවිද්‍යාව පිළිබඳව හැඟීමක් ඇති කිරීමට ද කටයුතු කරන ලදී.

සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යාව උදෙසා සිදුකරන ලද සේවය විමසීමේ දී ඔහු අභිලේඛන සඳහා සිදුකරන ලද මෙහෙය කැපී පෙනෙයි. 1941 වසරේ දී ඔහු විසින් ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සිව්වැනි කොටස ද ප්‍රකාශනය කරන ලදී. පරණවිතාන මහතා විදේශික විද්වතුන් ද මේ සඳහා දායක කරගැනීම සුවිශේෂී වෙයි. ශිලාලේඛන සංග්‍රහය තුළ ලිපි 34 ක් පරණවිතාන විසින් ද ලිපි 4 ක් එච්.ඩබ්.කොඩ්රිංටන් විසින් ද එක් ලිපියක් ඉන්දියානු සෙල්ලිපි විශාරදයෙකු වූ ආචාර්ය බී.සී.ජබ්‍රා විසින් ද සංස්කරණය කර තිබෙයි. ශ්‍රී ලංකාවෙහි අභිලේඛන පිළිබඳ පර්යේෂණ වෙත විදේශිකයින්ගේ දායකත්වය ලබාගැනීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇති අතර ඉදිරියේ දී මෙය තවදුරටත් වර්ධනය කිරීම පරණවිතානයන්ගේ බලාපොරොත්තුව වුවද එය අද වන තෙක් ම සාර්ථක වී නොමැත.

1940 දශකය දෙවන ලෝක යුද්ධයෙහි අඳුරු අත්දැකීම් ලෝකය පුරා පතුරවන ලද කාලය වූ බැවින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කාර්යභාරය වෙත ද එමඟින් දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙතෙක් කල් පරණවිතානයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ශිලාලේඛන සංග්‍රහය තවදුරටත් කරගෙන යාම දුෂ්කර වූ බැවින් එතුමා මෙම අවධියේ දී සීගිරි කුරුටු ගී අධ්‍යයනය වෙත යොමු වී ඇත.

පරණවිතානයන් සීගිරිය වෙත සිය අවධානය යොමු කිරීම මෙරට පුරාවිද්‍යාව තුළ ඉතා ම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. නමුත් ඔහු විසින් පළමුවරට සීගිරි කුරුටු ගී වෙත අවධානය යොමු කරන ලද අවස්ථාව මෙය නොවෙයි. 1928 වසරේ දී තමා කුරුටු ගී අධ්‍යයනය ආරම්භ කරන ලද බව ඔහු විසින් සීගිරි කුරුටු ගී පළමු වෙළුමෙහි සඳහන් කර ඇත. සීගිරි කැටපත් පවුර මත ලියැවුණු කුරුටු ගී 648 ක් කියවා පිටපත් කර වෙළුම් ද්විත්වයක් යටතේ 1956 වසරේ දී ප්‍රකාශයට පත් කිරීම දෙස් විදෙස් අවධානය විශාල වශයෙන් සීගිරිය වෙත යොමු කරලීමට සමත් වූ අවස්ථාවක් විය. කුරුටු ගී රචනා කරන ලද අක්ෂර කියවා හඳුනාගැනීම, අර්ථය විවරණය ඉතා ම දුෂ්කර කර්තව්‍යක් වූ බවට සැකයක් නැත. සීගිරි කුරුටු ගී ග්‍රන්ථ තුළ ඒවායෙහි භාවිත ව්‍යාකරණ විධි ආදී වූ තොරතුරු පිළිබඳව ද සඳහන් කර තිබීම අනාගත පරපුර උදෙසා පරණවිතානයන් විසින් සිදුකරන ලද අග්‍රගන්‍ය සේවයකි.

මෙරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී අත්නොහැර විමසිය යුතු සන්නස් ද්විත්වයක් ලෙස සඳහන් කළ හැකිවන පනාකඩුව තඹ සන්නස සහ වල්ලිපුරම් රන් සන්නස ද සොයාගන්නා ලද්දේ මෙම කාලයේ දී වෙයි. මෙම අභිලේඛන ද්විත්වය පිළිවෙලින් පළමුවන විජයබාහු රජුටත් වසභ රජුටත් අයත් ය.

අභිලේඛන පිළිබඳව තොරතුරු ලිපි වශයෙන් සකස් කර Journal of the Royal Asiatic Society (Ceylon Branch), The Journal of the Great India Society, Ceylon Journal of Science, Ceylon Literary Register වැනි වූ සඟරා වෙත යොමු කර ඇත. මෙරට පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් වෙත ජාත්‍යන්තර අවධානය යොමු වීමට මෙබඳු කටයුතු ඉවහල් ව ඇත.

ශ්‍රී ලංකාවේ අභිලේඛන අධ්‍යයනය වෙත ඉමහත් සේවයක් සිදු කළ සෙනරත් පරණවිතානයන් සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සේවයට එක්ව ඇත. ඔහු විසින් මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙත සිදු කරන ලද කාර්යභාරය සදා අමරණීය වෙයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ශ්‍රී ලංකාවේ සහ විදේශයන් හි අභිලේඛන ආශ්‍රයෙන් සිදුකළ ප්‍රකාශනයන්ගේ ග්‍රන්ථ නාමාවලිය පහත සඳහන් කර ඇත.

Publications edited by Prof. Senarat Paranavitana Monographs by Prof. Senerat Paranavitana Chapters and columns authored by Prof. Senarat Paranavitana Articles published in serial publications
1. Epigraphia Zeylanica: being lithic and other inscriptions of Ceylon. Vol.3, 1928-1933, edited by S. Paranavitana, London, published for the Govt. of Ceylon by Humphrey Milford, Oxford Univ. Press, 1933, xvi, 358p., 38 pls.

 

1. Sigiri graffiti, being Sinhalese verses of the eighth, ninth and tenth centuries. London, published for the Govt. of Ceylon by Geoffrey Cumberlege, Oxford Univ. Press, 1956, in 2 volumes.

 

1. The evolution of the Sinhalese Language. Sri Sumangala Sabdakosaya: a Sinhalese – Sinhalese dictionary,  by W. Sorata Thera. Part 2, Colombo, 1956, pp. 1181-1199.

 

1. Epigraphical summaries. Ceylon Journal of Science (section G), Vol. 1, no. 4, Feb. 1928, pp. 165-173; Vol. 2, no. 1, Dec 1928, pp. 17-29;  Vol. 2, no. 2,  Aug. 1930, pp. 99-128;  Vol. 2, no. 3, Oct 1933, pp. 175-228

 

2.      Epigraphia Zeylanica: being lithic and other inscriptions of Ceylon. Vol.4, 1934-1941, edited by S. Paranavitana, London, published for the Govt. of Ceylon by Humphrey Milford, Oxford Univ. Press, 1943, viii, [4], 328p., 28 pls.

 

2.      Inscriptions of Ceylon, Vol. 1: containing cave inscriptions in the early Brahmi script. Colombo, Dept. of Archaeology, 1970, xi, cxxix, 136 p, 130pl., (of inscriptions) 1 pl., fold map, fold chart, (Archaeological Survey of Ceylon)

 

2.Recent epigraphical discoveries in Ceylon,  Annual Bibliography of Indian Archaeology for the year 1932, (Leiden), Vol. 7, 1934, pp.33-35.

 

3.      Epigraphia Zeylanica: being lithic and other inscriptions of Ceylon. Vol.5, pt. 1, edited by S. Paranavitana, Colombo, printed at the Govt. Press, 1955. 176p., 7 pls.

 

3.      Inscriptions of Ceylon, Vol. 2: Part I. Late Brahmi Inscriptions.Colombo, Dept. of Archaeology, 1983, 123p., 42pl. (posthumous)

 

3.      Brahmi inscriptions recently discovered in Ceylon.  Annual Bibliography of Indian Archaeology for the year 1934, (Leiden), Vol. 9, 1936, pp. 18-19.

 

4.      Epigraphia Zeylanica: being lithic and other inscriptions of Ceylon. Vol.5, pt. 2, edited by S. Paranavitana and C.E. Godakumbura, Colombo, Archaeological Department of Ceylon, 1963, pp. 177-314, pls. 8-37.

 

4.      Inscriptions of Ceylon, Vol. 2: Part II.  Late Brahmi Inscriptions. edited by Malani Dias, Colombo, Dept. of Archaeology, 2001, viii, 125-361 pp., LVI pl. (posthumous)

 

4.      Epigraphical discoveries in Ceylon during the year 1935.  Annual Bibliography of Indian Archaeology for the year 1935, (Leiden), Vol. 10, 1937, pp. 37-38.

 

5.      Recent archaeological work in Ceylon. Indian Art and Letters, (London), Vol. 11, no. 1, 1937, pp. 24-34, 4 pl. reprinted Mahabodhi, Vol. 45, no. 7, July 1937, pp. 303-317.

 

6.      The graffiti of Sigiriya. Annual Bibliography of Indian Archaeology, for the year 1937, Leiden, Vol. 12, 1939, pp. 34-37.

 

7.      The history of inscriptions in Ceylon. Buddhist, (Colombo), Vol. 9, no. 6, Oct. 1938, pp. 96-99.

 

  8.      Sigiriya graffiti: earliest extant specimens of Sinhalese verse. Journal of the Royal Asiatic Society (Ceylon Branch), Vol. 34, no. 92, 1939, pp.309-346.

 

  9.      The Padakada Sannasa, Journal of the Royal Asiatic Society (Ceylon Branch), Vol. 36, no. 99, 1945, pp. 130-133

 

  10.  Brahmi Inscriptions in Sinhalese verse.  Journal of the Royal Asiatic Society (Ceylon Branch), Vol. 36, no. 98, 1945, pp. 58-66

 

  11.  The word navakarmi in the Kanishka casket inscription, Indian Culture, (Calcutta), Vol. 15, 1950, pp. 229-233.

 

  12.  The Panakaduva Copper plate of Vijayabahu I. Journal of the Royal Asiatic Society Great Britain and Ireland, 1957, pp.213-214

 

  13.  Sanskrit in Ceylon epigraphy.  Bharati:  Annual of the Indological Society, University of Ceylon, Peradeniya, 1957-58, pp. 3-7

 

  14.  Hindagala Rock Inscription, University of Ceylon Review, (Peradeniya), Vol. 16, nos. 1 & 2,  Jan-Apr, 1958, pp. 1-5, pl.

 

  15.  Perimayankulam Rock inscription Vasaba. Journal of the Royal Asiatic Society (Ceylon Branch), N.S., Vol.5, pt. 2, 1958, pp.129-137, pl.

 

  16.  Lankatilake Inscription, University of Ceylon Review, (Peradeniya), Vol. 18, nos. 1 & 2, Jan-Apr, 1960, pp.1-45, 2 pl.

 

  17.  Rock inscriptions at Timbiriweva and Andaragollava in the Vilpattu Sanctuary. University of Ceylon Review, (Peradeniya), Vol. 19, no. 2, Oct 1961, pp.95-104, 2 pl.

 

  18.  Notes on the Tamil inscription from Paduvasnuwara, University of Ceylon Review, (Peradeniya), Vol. 20, no. 1, Apr 1962, pp.16-18.

 

  19.  An inscription on circa 200 BC at Rajagala commemorating Saint- Mahinda. University of Ceylon Review, (Peradeniya), Vol. 20, no. 2, Oct 1962, pp.159-162.

 

  20.  Some Sinhalese inscriptions of circa sixth century. University of Ceylon Review, (Peradeniya), Vol. 20, no. 1, 1962, pp. 1-11, 2pl.

 

  21.  Rummindei  pillar inscription. Journal of the American Oriental Society, (Washington), Vol. 82, no.2, April- June 1962, pp. 163-167.

 

  22.  A Sanskrit Inscription from Padaviya.  Journal of the Royal Asiatic Society (Ceylon Branch), N.S., Vol. 8, pt. 2, 1963, pp.262-264
  23.  Linguistic studies in ancient Ceylon and Sri Vijaya. Transactions of the University of Ceylon Linguistic Society, (Peradeniya), 1964, pp. 79-100.
  24.  The interpretation of the old Sinhalese word Vaharala. Journal of the American Oriental Society, (Washington), Vol. 87, no. 2, Apr-June 1967, pp. 166-169.
  25.  Stepping stones in the migration of the Indus script to Easter Island. Ceylon Today, (Colombo), Vol. 19, nos. 7 & 8, July- Aug.1970, pp. 27-32.