ශ්‍රී ලංකාවේ අභිලේඛන පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත සමුදායක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමේ ව්‍යාපෘතිය යටතේ අභිලේඛන ග්‍රන්ථ කිහිපයක ම තොරතුරු ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පූර්ණ අවසරය ලබාදෙන ලද ග්‍රන්ථ කිහිපයක් පමණක් මේ අයුරින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි.

එම කර්තව්‍ය වඩාත් නිවැරදි අයුරින් ඔබට ඉදිරිපත් කිරීමට අප නිරතුරුව ම උත්සාහවත් විය. නමුත් කිසියම් හෝ හේතුවක් මත අප විසින් ඇතුළත් කරන ලද දත්තයන්ගේ අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබඳව මෙහි දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව දැනුවත් කර මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මුල්‍යමය දායකත්වය

මෙම ව්‍යාපෘතිය පවත්වා ගෙන යෑම සඳහා පර්යේෂණ සහායකයින්, තාක්ෂණික යෙදුම්, ක්ෂේත්‍ර චාරිකා, උපකරණ සඳහා විශාල පිරිවැයක් දැරීමට අප ආයතනයට සිදුවේ. ලාභ නොලබන පුරාවිද්‍යාව හා උරුම අධ්‍යයනය ප්‍රවර්ධනය කරීම සඳහා ලියිපදිංචි කර ඇති පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මේ සඳහා විශේෂ උත්සහයක් දැරීමට සිදුවේ. මෙම ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතිය සඳහා මුල්‍යමය දායකත්වක් දැක් වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අපගේ ඊමේල් ලිපිනයට දැනුම් දෙන්න.
සම්න්ධවීමට

0777428282

info@iahs.lk