647 [1] පරුමක-වෙලුශුමනශ පුත පරුමක-වෙලුශ පුත පරුමක-පුශදෙවශ ලෙණෙ දෙවනපියශ-රඣ-තිශශ අයකශ ලෙණෙ දෙව-[ඔ]හරණෙ ලෙණෙ ශගශ
ප්රමුඛ වෙලුසුමනගේ පුත් වූ ප්රමුඛ වෙලුගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ. දෙවියන්ට ප්රිය වූ තිස්ස රජුගේ ආදායම් පාලකගේ ලෙණ- දෙවා-ඔහරණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].