549 [1] (සංකේත අංක 5i සහ 4a) ගමණි-පුත දශ-බතිකන ඣෙටෙ ශව-ඣෙටුහ පුත දමරඣ දමරඣහ-පුතෙ මහතිශ-අයෙ කරිතෙ ඉම ලෙ[ණෙ] මහශුදශනෙ ශගශ දිනෙ
ගාමණීගේ පුත් දසබෑයන්ගේ වැඩිමලා වෙයි. සියල්ලන්ගේ [සහෝදරයින්ගේ] වැඩිමලාගේ පුත් ධම්මරාජ වෙයි. මහාසුදස්සන නම් මෙම ලෙණ ධම්මරාජගේ පුත් වන මහාතිස්ස විසින් ඉදිකරවා සංඝයාට දෙන ලදී.
ටු යන්නෙහි යු ශබ්දය සඳහා වන ඉරි කැබැල්ල ලෙස සලකා ඇති කොටස අදාළ නොවනු ඇත. එසේම ජෙටහ ලෙස වචනය කියවනු ලබයි.